තමන් ඡන්දය ලබාදී බලයට පත්කරන නායකයාගේ පාලනය සම්බන්ධව තෘප්තියක් නොමැති නම් ඊළඟ වතාවේ ඔහු පරාජය කිරීමේ හැකියාව ජනතාවට තිබෙන නමුත් ජනපතිටත් ඉහළින් සිට තීන්දු ගන්නා ව්ය වස්ථා මණ්ඩලවල හා ස්වාධීන යැයි කියන කොමිෂන් සභාවල සාමාජිකයින් එලෙස ඉවත් කිරීමේ හැකියාවක් ජනතාවට හෝ වෙනත් කිසිවෙකුට නොමැති බව අධ්‍යා පන ඇමැති ජී.එල් පීරිස් පවසයි.
අමාත්යවවරයා මෙසේ පැවැසුයේ ඊයේ (30) “ ව්යැවස්ථා සංසෝදන කුමටද “ යන්නෙන් මහනුවර වෘතීයවේදින්ගේ සංසදය මගින් සංවිධානය කර තිබු විද්වත් කතිකාව හා සංවාදයට සහභාගි වෙමිනි.
ස්වාධීන කොමිෂන් සභා මෙන්ම ඒවාට පත්කිරීම් කරන ව්ය වස්ථා මණ්ඩල නියෝජනය කරන ඇතැම් අය දේශපාලනඥයින්ටත් වඩා දේශපාලනීකරණය වූ පුද්ගලයින් ගෙන් සමන්විත බවත් ඔවුන් මේ රටට එරෙහි බලවේගයන්හි අතකොළු ලෙස ක්රිෙයා කරන බවත් මේ රටේ 69 ලක්ෂයක් ජනතාව ඡන්දය ලබාදී පත්කළ ජනපතිවරයාටත් වඩා උඩින් ඉඳන් මේ අයට තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් 19 වැනි ව්යනවස්ථා සංශෝධනය මගින් ඇතිකර තිබෙන බවත් මෙම තත්ත්වය වෙනස් කිරීම පිණිස පසුගිය මහ මැතිවරණයේදී ශ්රීය ලංකා පොදුජන පෙරමුණට පැහැදිලි ජනවරමක් ලබාදී තිබෙන බවද අධ්යාරපන අමාත්‍ය වරයා එහිදි කිය.
.
ජනපති වෙනස් වුවත්,පාර්ලිමේන්තුව වෙනස් වුවත්,ආණ්ඩුව වෙනස් වුවත් රටට එරෙහි බලවේග සමඟ අත්වැල් බැඳගෙන ක්රිුයාත්මක මණ්ඩල වල සාමාජිකයින් වෙනස් නොවී ඉන්නා බවත් ස්වාධීන කොමිෂන් සභා හා ව්ය වස්ථා මණ්ඩල දේවත්වයට පත්කර වන්දනා කළ යුතු ඒවා නොවන බවත් මේවා ජනතාව මුලා කිරීමට ගොතා තිබෙන බොරු බවද සදහන් කළේය.
දහනව වැනි ව්යිවස්ථා සංශෝධනය මේ රටට මේ රටට විනාශයක් බවත් මේ නිසා රට ආරාජික තත්ත්වයකට පත්ව තිබෙන බවද ජි රල් පීරිස් මහතා කීය.
මෙම ව්ය වස්ථා සංශෝධනය මගින් රටේ ආරක්ෂාවට වගකියන පුද්ගලයෙකු නොමැති පසුබිමක් නිර්මාණය වී තිබෙන බවත් ජනතාව ඊට ජීවිත වලින් වන්දි ගෙවා තිබෙන බවත් කී ඇමැතිවරයා ජනපතිවරයාට ආරක්ෂක හෝ වෙනත් කිසිදු අමාත්යාං ශයක් දැරීමට මෙමඟින් බාධාවක් ඇතිකර තිබෙන බවද අවධාරණය කළේය.
මුලින් 19 වන ව්යරවස්ථාව සංශෝධනය කිරීමෙන් අනතුරුව රටට ගැලපෙන අංග සම්පූර්ණ ව්ය.වස්ථාවක් ගෙන එන බවත් වසර 48 ක් පැරණි ජේ.ආර් ජයවර්ධනගේ ව්යවවස්ථාව ගලේ කොටුන ලද එකක් නොවන බවත් ඒ මහතා කීය.
මෙහිදි සියම් මහා නිඛායේ මල්වතු පාර්ශවයේ අනු නායක පූජ්ය් නියංගොඩ විජිත සිරි නාහිමියන්ද, අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්යග මැදගම ධම්මානන්ද නාහිමියන් අනුශාසනා පැවැත්වු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීය ගෙවිදු කුමාරතුංග , පාර්ලිමේන්තු මන්ත්රීත උදයන කිරිඳිගොඩ මහතාද ,ජනාධිපති නීතීඥ සමන්ත රත්වත්තේ යන අය ව්යපවස්ථාවක අවශ්‍ය තාවයන් පිළිබදව දේශව පැවැත්වු අතර මහනුවර වෘතීයවේදින්ගේ සංසදය නයෝජනය කරමින් එහි නිලධාරින් හා සාමාජිකයන් සහභාගි වුහ.
චමිල් රුපසිංහ