නවවන මංගල පාර්ලිමේන්තු සැසිවාරය හෙට (20) පෙ.ව. 09.30ට ආරම්භ වීමට නියමිතය. හෙට උදේ 09.30 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් නමවෙනි පාර්ලිමේන්තුව කැඳවෙයි.
කතා නායක ඇතුළු සියලුම මන්ත්රීවරුන්ගේ නිල දිවුරුම සහ ප්රතිඥාව සිදුකර ඉන්පසු ඔවුන් විසින් පාර්ලිමේන්තු ලේඛණයේ අත්සන් තැබීමද සිදුවනු ඇත. ඉන්පසු පාර්ලිමේන්තුවේ කටයුතු මදකට අත්හිටුවා පස්වරු 03 ට යළි පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි.
මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්රතිපත්ති ප්රකාශය හෙට (20දා) කියවීම සිදුකරන අතර ඒ සම්බන්ධව හෙට දින විවාදයක්ද පැවැත්වෙනු ඇත.