මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස දැනුම් දෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදන හේතුවෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද (27දා) ඉදිරිපත් කළේය.
මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ඕෂධ අනිල් හේරත් මහතාය.
ඕෂධ අනිල් හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරතරුවන් වශ්‍යයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා කතානායකවරයා හා නීතීපතිවරයා නම් කොට ඇත.