ජනාධිපතිතුමාගේ පසුගියදා කාම්බෝජ සංචාරයේ දී එකඟ වූ දෙරට අතර අධ්‍යාපන, සංචාරක, කර්මාන්ත හා අනෙකුත් අංශවල ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරිම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
කාම්බෝජ රාජ්‍ය සංචාරයේ දී තමා වෙත පිරිනැමූ ඉහළ ආගන්තුක සත්කාර හා ගෞරවණීය පිළිගැනීම පිළිබඳව මෙහිදී තම ස්තූතිය එරට අගමැතිවරයා වෙත පිරිනමන ලෙස ද ජනාධිපතිතුමා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
කාම්බෝජ අගමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී එකඟ වූ පරිදි දෙරට අතර ඝෘජු ගුවන් සේවා ආරම්භ කිරිමේ සහ තානාපති කාර්යාල පිහිටුවීමේ කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
පසුගියදා දෙරට අතර අත්සන් තැබුණු වෙළෙඳ ගිවිසුම් භාවිතා කරමින් දෙරටේ ව්‍යාපාරිකයන්ට කර්මාන්තවල ආයෝජනය කිරිමේ සහ දැවැන්ත ආසියාන් සහ ඉන්දියානු වෙළෙඳපොළ තුළ සිය නිෂ්පාදන අළෙවි කර ගැනීමේ අවස්ථාව පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
කාම්බෝජ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෆි ඔත්ස්මන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් දමයන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.