චීන , ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම අද (17) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිරික්ෂණයට ලක් විය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා 2015 මාර්තු මාසයේ දී චීනයේ සිදු කරන ලද නිල සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජින් පින් මහතා සමඟ පැවැත්වූ සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස චීන රජයේ පරිත්‍යාගයක් අනුව මෙම වකුගඩු රෝහල ශ්‍රී ලංකාවට හිමි විය.
මූලය හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් පීඩාවිදින දිවයින පුරා දිස්ති‍්‍රක්ක රැසක ජනතාවට තිබූ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් සුපරාලමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස පොළොන්නරුව මහ රෝහලට නුදුරුව ඉදිකෙරෙන චීන , ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල සඳහා 2018 ජූලි 21 වන දින ජනාධිපතිතුමා අතින් මුල් ගල් තැබිණි.
ඇඳන් 204කින්, රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100කින්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර ඇතුළු ලොව නවීනතම පරික්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් සමන්විත රෝහල සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 12කි.
අද පෙරවරුවේ එම පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා රෝහලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලූ අතර අදාළ ඉදිකිරීම් සමාගමේ නිලධාරින් සමඟ ද සාකච්ජාවකට එක්වෙමින් ප්‍රගතිය විමසා බැලීය.
රෝහලේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් අතර ඉතිරි නිමකිරීම් කඩිනමින් සිදුවන බවත්, 2020 ජූලි 30 වනවිට සියලූ කටයුතු සාර්ථකව නිම කර රෝහල ජනතා අයිතියට පවරාදීමට හැකියාව තිබෙන බවත් එහිදී සඳහන් කෙරිණි.
මේ අතර රෝහලේ ඉදිකිරීම් පසුගියදා චීන රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමකගේ ද අධීක්ෂණයට ලක් වූ අතර නිසි සැලැස්මට සහ ප්‍රමිතීන්ට අනුකූලව අදාළ ඉදිකිරීම් සිදු වන බවට චීන රජය ද සහතික කර තිබිණි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේ මෙම රෝහලේ ඉදිකිරීම් කඩිනම් කර වගුකඩු රෝගයෙන් පීඩා විදින දිවයින පුරා අහිංසක ජනතාවට කඩිනම් ප්රතිලාභ ලබාදීමට කටයුතු කරන ලෙසයි.
පොළොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කෂිනි හපුආරච්චි