ජනපති මෛත්රීපාල සිරිසේන මහතා, කථානායක කරු ජයසූරිය මහතා හා එක්සත් ජාතික පක්ෂයෙ නායක රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (13දා) රාත්රියේ පවත්වා ඇති බව වාර්තා වෙයි. අතිශය පුද්ගලික මට්ටමින් මෙම හමුව පවත්වා ඇත.
මේ සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරයෙකුගෙන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ එවැනි හමුවීමක් පිළිබඳව තොරතුරු තමන් නොදන්නා බවයි.