ජනාධිපති ධූර අපේක්ෂක අශෝක වඩිගමංගාව මහතාට විරුද්ධව මුල්‍ය වංචාවක් සම්බන්ධව හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු අද (13දා) දහවල් ආණමුඩුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ආණමඩුව මැදි මහ විද්‍යායේ නියෝජ්‍ය විදුහපතිවරයකු ලෙස සේවය කළ ඩී.එම් ජයවර්ධන මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
“වසර 4 කට පෙර තමයි මම සහ මගේ හිතවතුන් කිහිප දෙනෙකු ලක්ෂ 7 ½ ක් ලබා දුන්නත් ඒ මුදල මේ වන තෙක් ලබා දිලා නැහැ. එතුමා දැන් ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයකු ලෙස වියදම් කරන්න මුදල් තිබෙනවානම් අපෙන් ගත්ත මුදල් ලබා දෙන්න හැකියාව තිබෙනවා.
අපිට කරපු වංචාවට මම පැමිණිලි කළා. පොලීසිය කිව්වා මගේ ලක්ෂ දෙකහමාර සඳහා පැමිණිල්ල දමන්න කියලා මම පැමිණිල්ල දැමුවා. මම බලාපොරොත්තු වෙනවා මේ සඳහා පොලීසිය සාධාරණය ඉටු කරයි කියලා.”