අරලිය ගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම ජනපති අපෙක්ෂකයෙක් හෝ ප්රජාතන්ත්රවාදී ජතික පෙරමුණ ස්ථාපිත කිරිමේ කටයුතු ගැන අවධානය නොකර විනාඩි 45කින් අවසන් වී තිබේ.
රැස්වීම ආරම්භයේදීම අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් ගැන කථා නොකර හෙට (20දා) දිනයේදී පාර්ලිමේන්තුවේ සිදුකරන කටයුතු ගැන පමණක් අවධානය යොමුකරන ලෙසයි.
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙම රැස්වීමට එක්වීමෙන් පසුව සඳහන් කළේ 2015න් පසු අඩුම කාලයක් තුළ අවසන් කළ ආණ්ඩු පක්ෂ රැස්වීම මෙය බවයි.
“කිසිම මන්ත්‍රිවරයෙක් හෝ අගමැතිවරයා ජනාධිපති අපේක්ෂකයා ගන කථා කළේ නැ.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා පැවැසීය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එක්ව සතියක් ඇතුළත් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ කටයුතු හා ප්රජාතන්ත්රවාදි ජනතා පෙරමුණ ස්ථාපති කිරීමේ කටයුතු අවසන් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 55කගේ අත්සන් සහිත ලිපයක් අගමැතිවරයාට ඊයේ භාර දී තිබේ.
ඒ සම්බන්ධව මේ සතියේ බදාදා වන විට තීරණයක් ලබා දිය හැකි බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.