රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් සාකච්චාවක් ඇති නොවුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
එම දිවුරුම් දීමෙන් අනතුරුව ජනපතිවරයා හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර හමුවක් පැවැති අතර එහිදී කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර මත ගැටුමක් ඇතිවුණ බවට තොරතුරු වාර්තාවන්නට විය.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරීමක් කළ කරන හර්ෂද සිල්වා මහතා පවසන්නේ ජනපතිවරයා සාධාරණ විවේචනාත්මක කථාවක් කළ බවත් එයට කිසිවෙකුත් පිළිතුරු නොදුන් බවයි. සජිත් ප්‍රේමදාස මහතා ස්තූතිය ප්‍රකාශ කරමින් කථාවක් කළ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.