ජනාධිපතිවරණයට ප්‍රථම මෙරට අධ්‍යාපන ක්‍රමය ජාතික ප්රතිපත්තියකට අනුව පවත්වාගෙන යන බවට සහතිකයක් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වි සිටින ජනාධිපති අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික ප්රජාතන්ත්රවාදි ගුරු සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරයි.
හැටන් නගරයේ ඊයේ (03) දින පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම ගුරු සංගමයේ මහෙලේකම් එස්. බාලසේකරන් මහතා කියාසිටියේ ජනාධිපති අපේක්ෂකයන් හමුවෙලා ගුරුවරුන්ගේ අභිවෘද්ධිය සදහා වු ඉල්ලිම් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති නිසා අපි මාධ්‍ය හමුවක් පවත්වලා අපේ ඉල්ලිම් ඔවුන්ගේ අවධානයට යොමු කිරිමට බලාපොරොත්තු වන බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වමින් එම ලේකම්වරයා සඳහන් කළේ මෙවැන්නකි,
දළ දේශිය නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනය සදහා වෙන් කරලා තියෙනවා. එම මුදලින් ගොඩනැගිලි , නිල ඇදුම් , පරිපාලන කටයුතු , ඇතුළු තවත් විවිධ දේවල් වලට ප්‍රතිපාදන වෙන් කරනවා. එම ප්‍රතිපාදනවලින් ගුරුවරුන් සදහා කොපමණ ප්‍රතිශතයක් වෙන් කරනවද කියලා දන්නේ නැ? ගුරුවරුන්ට නිල නිවාස නෑ , ගුරුවරුන් වැඩි පිරිසක් ඉන්නේ කුලි ගෙවල් වල, ඉඩම් කැබැල්ලක්වත් නැති ගුරුවරුන් ඕනි තරම් ඉන්නවා.
ගුරුණය ලබා ගත් ගුරුවරුන් විශාල පිරිසක් ආපසු එම මුදල් ගෙවා ගන්න බැරුව සිටිනවා. ඒ සදහාත් විසඳුමක් ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් කල යුතුයි. මේ රටේ පැවති රජයන් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරන සෑම අවස්ථාවකම ගුරුවරුන්ටත් පඩි වැඩි කරනවා. ඒ එක්කම ජිවන වියදම ඉහළ දමා වැඩ කල මුදල ආපසු ගන්නවා. වැටුප් වැඩි කරන සැම අවස්ථාවකම ජිවන වියදම පහළ දැමිමට රජය ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.
ගුරු පත්විම් ලබා දිමේදි ගුරුවරුන්ට පුහුණු විම් ලබා දිමේදි නිසි ක්‍රමවේදයකට එය සිදුකල යුතුයි. ගුරුවරුන් ස්ථාන මාරු කිරිමේදි ඔවුන්ගේ සුදුසුකම් අනුව යම් ප්රතිපත්තියකට එය සිදු කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. අපේ මේ ඉල්ලිම් වලට ප්‍රතිචාරයක් ලබාදෙන ජනාධිපති අපේක්ෂකයන් කෙරෙහි අපේ අවධානය යොමු කරනවා. සමස්ත ගුරුවරුන් වෙනුවෙන් අපි මේ ඉල්ලිම ඉල්ලන්නේ යනුවෙන් එස් බාලසේකරන් මහතා මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් පැවසිය.