ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියා කිරීම අනතුරුදායක ක්‍රියාවක් බවත්, එය වැරදි පූර්වාදර්ශයක් බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
මේ පිළිබඳ ඉදිරියේදී සමගි ජනබලවේගය ලෙස ප්‍රශ්න කර සිටින බව %අද^ පුවත්පත කළ විමසීමකදී ඔහු සඳහන් කළේය.
රටේ ප්‍රශ්න සඳහා නායකයන් මැදිහත්වීමේදී පවතින නීත්‍යනුකූල රාමුව රැකගත යුතු බව කී තිස්ස අත්තනායක මහතා,
"ජනාධිපතිවරයා සඳහන් කළ ඔහුගේ ප්‍රකාශ ගැසට් එකක් සේ සලකා ක්‍රියා කරන්න කියන එක වැරදි පූර්වාදර්ශයක්. පුද්ගලයාගෙන් පුද්ගලයාට ක්‍රියාකාරීත්වය, හැසිරීම සහ ඔහුගේ තිබෙන ප්‍රතිරූපය වෙනස්. රටක නීතියක් නිර්මාණය වෙන්නේ සාකච්ඡා කරලා කාටත් හානියක් නොවන පොදු නීතියක් මිසක පෞද්ගලික කාරණාවකට නෙවෙයිනේ.
එහෙම අවස්ථාවක අපි ප්‍රවේශම් විය යුතුව තිබෙනවා. යම් යම් ප්‍රශ්නවලට රටේ නායකයන් මැදිහත් වෙන එක හරි. ඒ මැදිහත් වීමේදී පවතින නීත්‍යනුකූල රාමුව රැකගනිමින් ඒවා ක්‍රියාත්මක කිරීමයි අවශ්‍ය. නීතියෙන් බාධා තිබෙනවා නම් යම් යම් දේවල් කරන්න, ඒවා පිළිබඳ තීන්දු තීරණ ගත යුතු කණ්ඩායම් සමග සාකච්ඡා කළ යුතුයි.
විශේෂයෙන්ම ඇමති මණ්ඩලය සහ පාර්ලිමේන්තුව සමග අදහස් හුවමාරු කරගෙන මේ පිළිබඳ නීතියක් ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි සෑම විටම බැඳිලා ඉන්නේ ජනතාවට වැඩ කරන්න. ඒ අනුව ජනතාවට වැඩ කරද්දි නීතිය ඒකට බාධාවක් වෙනවා නම් ඒ බාධා ඉවත් කරගැනීමටත් ක්‍රමවේදයක් තිබෙනවා.
ඒක නීතිරීති සකස් කරන ආයතන සමග කතා කරලා වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම ඒ ආයතන තිබෙන්නේ ජනතාවට වැඩ නොකර ඉන්නම නෙවෙයි. යම් යම් සීමා ඇති කරන එක තමයි ඒ ආයතන කරන්නේ.
අපි කියන්නෙ නෑ නීති රෙගුලාසි, මූල්‍ය රෙගුලාසි, චක්‍රලේඛවලට සීමා වෙන්න කියලා. ඒවායේ බාධා තිබෙනවා නම් ජනාධිපතිවරයා සාකච්ඡා කරලා ඒවා නිවැරදි කරන්න උත්සාහ කරන්න ඕනි. එහෙම නැතුව ජනාධිපතිවරයා කියන එක නීතියක් බවට පරිවර්තනය වෙනවා කියනවා නම් ඒක වැරදියි" යනුවෙන් කියා සිටියේය.