ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජව සකසා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබු ජාතික භාෂා කුසලතා සංවර්ධන වැඩසටහනක් නොමිලේ පවත්වන බවට පවසා ලිපි යවා, වංචාවක් සිදු කළ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු අද අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් ගුරුවරයා විසින් “රාජ්‍ය සේවය පිණිසයි“ යන මැයින් ලියුම් කවරයක ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ යටතේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් සදහා විශේෂ ජාතික භාෂා කුසලතා සංවර්ධන වැඩමුළුවක් පවත්වන බවට මහියංගණ, පදියතලාව, මහඔය, හසලක, ගිරාදුරුකෝට්ටේ වැනි දුෂ්කර ගම්මාන වල නිවාස වෙත ලිපි යොමු කර ඇත. වැඩමුළුව සදහා විශ්වාසය ගොඩනැගෙන ලෙස මහියංගණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයද වෙන් කරගෙන තිබුණි.
ඒ අනුව එම වැඩමුළුව අද දින උදැසන ආරම්භ වු අතර ඒ සදහා දරුවන් 500ක් පමණ සහභාගී වි සිටියේය.
මුදල් ලබාගැනිමේදී වලංගු රිසිට් පතක් ලබානොදීම හේතුවෙන් දෙමාපියන්ට සැක සිතී මහියංගණ පොලීසිය දැනුවත් කිරිමෙන් පසු විමර්ශන කටයුතු ආරම්භ කල අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධයක් මේ සදහා නොමැති බව කරන ලද විමර්ශන කටයුතු වලදී තොරතුරු අනාවරණය විය.
මහිගංගණ - රංජිත් කරුණාවිර