ජනතාව සර්වජන ඡන්ද බලය ගැන වැඩි අවධානයෙන් ඉන්න ඕන
ප්රජාතන්ත්රවාදය හා සර්වජන ඡන්ද බලය පිළිබඳ ජනතාව මීට වඩා උනන්දුවක් දැක්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
දැනට පවතින උනන්දුව ඉහළ දමා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මැදිහත්ව රට පුරා වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්, ඒ යටතේ ඉදිරියේදී කෙටි චිත්‍රපට උළෙලක් පවත්වන බවත් එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
පාසල් ශිෂ්‍යයන්ට හා අනෙකුත් පුරවැසියන් තුළ ප්රජාතන්ත්රවාදය, ජනතා පරමාධිපත්‍ය හා සර්වජන ඡන්ද බලය පිළිබඳ අවබෝධ ඉහළ නැංවීම මූලික කර ගනිමින් විනාඩි 05කට නොවැඩි ආකාරයට භාෂා තුනෙන්ම හා සංඥා භාෂාවෙන් කෙටි චිත්‍රපට නිෂ්පාදනය කළ හැකි බවත්, ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග හා සහතිකපත් පිරිනමන බවත් හෙතෙම පවසා සිටියේය.
මාර්තු 31 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා කාලය තුලදී HD තාක්ෂණය භාවිත කර මෙම කෙටි චිත්‍රපට සකස් කර සී.ඩී.පටයකට ඇතුලත් කර මැතිවරණ කොමිෂන් සභාවට හෝ කැලණිය විශ්වවිද්‍යාලයට භාරදිය හැකි බවද අද (21දා) පැවැති මාධ සාකච්ඡාවකදී සභාපතිවරයා සඳහන් කළේය.

popular news
-
කෝලිත Thursday, 21 February 2019 11:48 PM
ජනතාව එහෙම දැනුවත් වෙලා හිටියනම් ඔයාලට පාරක තොටකවත් යන්න වෙන්නෙ නැහැ..ගහල ඒලවනව.පින් පඩි අරගෙන බොරු කයිවාරු ගහනවට..
Reply : 0 0
Champa Friday, 22 February 2019 04:54 PM
2015 චන්ද ප්‍රතිඵල විකෘති කරලා ජනතාවගේ සර්වජන චන්ද අයිතිය මංකොල්ල කන්න දායක වුනු මිනිහ දැන් කියනවා ජනතාවට සර්වජන චන්ද බලය ගැන උනන්දු වෙන්නලු. 2015 දී මිනිස්සු ඒ වගේ දෙකට ලැස්ති වෙලා හිටියේ නැහැ. හිතන්න එපා අනිත් පාර එහෙම වෙයි කියල. ඊළඟ මහ චන්දෙදි මිනිස්සු චන්දෙ දීල ගෙදර යන්නේ නැතුව චන්ද ප්‍රතිඵල එනකම් පාරට වෙලා ඉඳල පෙන්නයි සර්ව ජන චන්ද බලයට තියෙන උනන්දුව. අනිත් එක චන්ද කොම්පැනිය ස්වාධීන කොමිසමක් කියල කියන්නේ කොහොමද ඒකේ සභාපති සහ සහිකයෝ ආණ්ඩුවේ උත්සව වලට සහභාගී වෙන කොට? ඒකෙන් පෙන්නේ චන්ද කොම්පැනිය තනිකරම පක්ෂග්රාහී කියල. අනිත් චන්ද කොම්පැනියේ සභාපතිට අයිතියක් නැහැ දේශපාලකයන් වගේ ප්‍රකාශ නිකුත් කරන්න. ඒකෙනුත් පෙන්නේ අපක්ෂපාති නැහැ කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
