ජනතාව වෙනුවෙන් ඇමතිකම අතහැරියා
උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු ඉදිරිපත් කිරීමට ගිය විට තමන්ට ජාතිවාදී ලේබලය ගහන බවටත් දකුණේ ජාතිවාදී අදහස් වපුරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පැවසුවාය.
උතුරු පළාතේ ප්‍රාථමික කර්මාන්ත දිරිගැන්වීමට සඳහා අධාර ලබා දීම නිමිත්තෙන් ඊයේ (07දා) යාපනය තිරුනෙල්වේලි කෘෂිකර්ම පුහුණු විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයේදී අදහස් දක්වමින් ඇය මේ බව පවසා සිටියාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය,
"මේ වනවිට දකුණේ ඇතැම් අය බොහෝ ජාතිවාදී ප්‍රකාශ සිදු කරනවා. නමුත් ඔවුන්ට මොකුත් කියන්නේ නැහැ. අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන කොට අපි ජාතීවාදීන් ලෙසින් හඳුන්වනවා. ඒක වෙනස් කරන්න ඕන. දකුණේ ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන කොට ඒවා දිහා බලලා ඒවා විසඳන්න කටයුතු කරනවා.
නමුත් අපි අපේ ප්‍රශ්න ගැන කතා කරද්දි අපිව හඳුන්වන්නේ දෙමළ ජාතිවාදීන් හැටියටයි. අපිව එහෙම හැඳින්වීම අපි ප්‍රතික්ෂේප කරනවා. අපේ ජනතාව වෙනුවෙන් මම මගේ ඇමති ධුරයත් අතහැරියා., යැයිද පවසා සිටියාය.
popular news
-
Champa Sunday, 08 July 2018 07:27 PM
විජයකලාගේ මන්ත්‍රීකම අහෝසි කරන්න එජාප විනය කමිටුවට දැන් තවත් ලේසියි. ඊළඟ චන්දෙට මෙයාව දැම්මොත් පරාදයි. යාපනේ චන්ද ලක්ෂ 3කින් 2015 අගෝස්තු විජයකලාට චන්ද හම්බ වෙලා තියෙන්නේ 13,000යි. සාමාන්‍ය දෙමළ ජනතාව මෙයාට චන්දෙ දෙන්නේ නැහැ ආයේ. විජයකලාගේ seat එක TNA එක හෝ වෙන කවුරුහරි ගන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

