තමන්ට ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙස නොයෙක් යෝජනා ඉදිරිපත් වන බවත් ජනතාව ආදිවාසි නායකයාට දේශපාලනයට එන්නට කියන්නේ ඇයිද යන්න දේශපාලන නායකයින් සිතා බැලිය යුතු බවත් ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.
ජනතාව තුළ පාලකයින් පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටීම ඊට හේතුව බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව සිදු කරන මී පැණි පූජාව සඳහා ඊයේ (10දා) මහනුවරට පැමිණි ආදිවාසී නායකයා මාධ්‍යය හමුවේ මේබව ප්‍රකාශ කළේය.
වන්නිලඇත්තන්ගේ පාලන සමයේ මෙවර මි පැණි පූජාව 21 වන වරට පවත්වන ලදී.
ඡන්දය දැමීම පවා එපා වන තරමට දේශාපලනය තමන්ට එපාවී තිබෙන බවත් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති අනුව තමාගේ මනාපය පිළිබඳව තීරණයක් ගන්නා බවත් ආදිවාසි නායකයා පැවසිය.
චමිල් රූපසිංහ