ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවු ගිවිසුමත් සමග ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබද මහජනතාව තුළ යම් සැකයක් පැවතුණානම් එම සැකය දුරුවි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්රහණයක් බවට පත්වීම ස්ථිරවු බව මාතලේ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් උකුවෙල නගරයේ ත්‍රිරෝද රථ රියදුරන් විසින් සංවිධානය කර තිබු රැසවිමකට එක්වෙමින්ය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ,
අද රටට ඉල්ලන්නේ ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය ලෙස මහින්ද රාජපක්ෂ මහතාවයි. ඒ සදහා ප්‍රථමයෙන් කළ යුත්තේ ඉදිරි මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් ජනපති ලෙස පත්කර ගැනිමයි. මේ දෙපළ පිළිබඳව ජනතාව තුළ දැඩි විශ්වාසයක් තිබෙනවා. එදා තිස් වසරක යුද්ධය අවසන් කළා සේ අද වන විට රට තුළ පවතින අනාරක්ෂිත තත්ත්වය තුරන් කිරිමට මෙම සුසංයෝගයට හැකියාව පවතින බව ඔවුන් ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙනවා.
මෙම මැතිවරණයේදි සිංහල බෞද්ධ ඡන්ද බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන අතර මුස්ලිම් ද්‍රවිඩ ඡන්දත් 40% පමණ ලැබෙන බව ස්ථිරයි . අද උතුරේ ද්‍රවිඩ සන්ධානය දෙකට වෙලා .ඒ වගේම මුස්ලිම් ජනතාව තුළ මහින්ද රාජපක්ෂ මහතාට විශාල ආදරයක් තිබෙනවා. මේ සියලු ජන කොටස් සමග පසුගිය මැතිවරණවලදි වෙන්ව තරග කළ ශ්‍රිලනිප එකතුවිම සමග පහසුවෙන් 65% ප්‍රතිශතයකින් අපිට ජයග්‍රහණය කළ හැකියි.
ප්‍රතිවාදී අපේක්ෂකයා දිනෙන් දින ජනතාවට ලබාදෙන පොරොන්දු දෙස බලන විට එය කළ හැකිද කියලා ජනතාව තුළ විශාල සැකයක් පවතිනවා. ඒ වගේම එජාපයේ විශාල පිරිසක් මේ මැතිවරණය කරට අරගෙන කරන්නේ නැ. නමුත් අද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුරේ සියලු බලවේග එක්ව මැතිවරණ සටන ශක්තිමත්ව මෙහෙයවනවා. අද අග්‍රාමාත්‍යවරයාට සජිත්ගේ වේදිකාවට නගින්න බෑ. සජිත්ට දුෂණයෙන් තොර රටක් නිර්මාණය කරනවා කියන් බෑ. ඔහුගේ වේදිකාවේ ඉන්නේ බහුතරයක් දුෂිතයෝ නිසා .
මෙම මැතිවරණය රටට තිරණාත්මකයි. ජනතාව අද විශාල ආර්ථික සමාජිය පිඩනයක ඉන්නේ. නැවත රටම එක වැඩ බිමක් බවට පත් කිරිමට නම් නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ දිනවිය යුතුයි. අපි අද මේ මැතිවරණ සටනට බැස්සේ පරදින්න නෙවෙයි. පසුගිය පර්ලිමේන්තු මැතිවරණ දෙකේදීම වැඩිම මනාප ගත්තේ මම. මාතලේ ජනතාව ලක්ෂ්මන් ගැන හොඳට දන්නවා. අපි කවදත් ජනතාව සමඟයි ඉන්නේ . මම ඉල්ලන්නේ ඔබලාගේ වටිනා ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී අපේ යුතුකම ඉටුකරමු කියලා යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මාතලේ - රවින්ද්‍ර විරාජ්