එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි සතිය තුළදී සාකච්ඡා කොට තීන්දු කරන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.
පක්ෂයේ සාමාජිකයන් යම් යම් ප්‍රකාශ සිදුකරන විට තමන් සිටින්නේ පක්ෂයක බවත් එම පක්ෂයට නිසි විනයක් තිබිය යුතු බව අවබෝධ කරගත යුතු යැයි ද රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.
අද (05) ගන්නෝරුවේදී පැවැති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සමුළුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
මාලදිවයිනේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍යවරයා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා කවුරුන්ද යන්න කෘත්‍යාධිකාරි මණ්ඩලය සමග ඉදිරියේදී සාකච්ඡා කිරිමට නියමිත යැයි ද පැවසීය.
ජනාධිපති අපේක්ෂකවරයා ප්‍රකාශ කිරීමට නියමිතව තිබියදී ඇතමුන් විවිධ ප්‍රකාශයන් සිදු කිරීම අප අනුමත නොකරන බවත් කණ්ඩායම් රැස්වීම කැඳවන්නට කියා මන්ත්‍රීවරු පනස්තුන්දෙනෙකු මේ වන විට ලිපියක් ලබා දී තිබෙන බවත් පැවසීය.
එම ලිපිය අනුව ඉදිරියේදී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසිය.
ජනතාව ඉල්ලා සිටින අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා මෙන්ම ජයග්‍රහණය කිරීමට හැකි අපේක්ෂකයෙකු ද ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවත්. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම ජනාධිපති අපේක්ෂකයා කවුරුන් ද යන්න යෝජනා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අලුවිහාරේ මහතා පැවැසිය.
එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම රටේ සංවර්ධන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම යෝජිත ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රධාන අරමුණ විය යුතු බවත්. බිම් මට්ටමේ ජනතාව ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස නම් ඔහුගේ නාමය කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී යෝජනා වුවහොත් අනිවාර්යයෙන්ම ඊට අවස්ථාව හිමිවන බවත් ඔහු සඳහන් කළ අතරම මැතිවරණය පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභාව නියත වශයෙන් ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බව ද අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මෙහිදි ප්‍රකාශ කළේය.
චමිල් රූපසිංහ