2019 ජූනි මාසයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 63,072ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙය 2018 වසරේ ජුනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වූ 146,828ට අනුරූපව සියයට 57ක පහළ වැටීමකි.
ඒ අනුව මෙම තත්ත්වය අප්‍රේල් 21 වැනිදා එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව පිට පිට තෙවැනි මාසයටත් සංචාරක පැමිණීම් කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව පෙන්වා තිබේ. එහෙත් මෙහිදී මැයි මාසයට සාපේක්ෂව සංචාරක කර්මාන්තයේ යම් නැගී සිටීමක්ද පෙන්නුම් කරයි. මැයි මාසයේදී පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලෙස සටහන් වූයේ 37,802 කි. අධිකාරියේ වාර්තාවලට අනුව අප්‍රේල් මාසයේදී සංචාරක පැමිණීම්හි පහළ වැටීම සියයට 7.5ක් ලෙසත්, මැයි මාසයේදී එම පහළ වැටීම සියයට 70.8ක් ලෙසත් සඳහන්ව තිබුණි.
2019 ජූනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් අතරින් සියයට 54ක්ම ආසියා පැසිපික් කලාපයේ සංචාරකයන්ය. එසේම යුරෝපා සංචාරකයන් සියයට 32ක්, ඇමෙරිකානු සංචාරකයන් සියයට 09ක්, මැදපෙරදිග සංචාරකයන් සියයට 04ක් සහ අප්‍රිකානු සංචාරකයන් සියයට 01ක් යනාදී ලෙස මෙරටට පැමිණ තිබේ.