ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතාට තම පෙරමුණ සහාය දක්වන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවසති.
වර්තමානයේ අප රට මුහුණ දී තිබෙන සමාජ, ආර්ථික ප්‍රශ්න හමුවේ අතීත යතිවරුන්ගෙන් ආදර්ශ ලබාගනිමින් රටට, ජනතාවට නිවැරදි මාවත පෙන්වා දීමට වර්තමාන භික්ෂූන් වහන්සේලා නායකත්වය ගත යුතු බව එහිමියෝ සඳහන් කළහ.
මෙරට ඇතැම් භික්ෂූන් වහන්සේලා සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ හා නායකයන් බලයට ගෙන ඒමට උත්සාහ කරන බවත්, ඇතැම් හිමිවරුන් පවසන පරිදි සියයට අනූනවයක් භික්ෂූන් වහන්සේලා දැනට ඉදිරිපත් වී සිටින එක් අපේක්ෂකයෙකු සමග සිටින බව පැවසුවද එසේ පැවසීමට කිසිදු මිනුම් දණ්ඩක් නොමැති බවත් උදිත හිමියෝ අවධාරණය කළහ.
රට ප්‍රපාතයට ගෙනගිය, හොරකම් කළ, රටේ සම්පත් විකිණූ, රට ණය උගුලක සිර කළ දූෂිත පාලකයන් වෙනුවෙන් පෙනී සිටින, ලාභ සත්කාර, වරදාන වරප්‍රසාද වෙනුවෙන් කටයුතු කරන විවිධ චෝදනාවලට ලක්වූ හිමිවරුන් 100%ක්ම දූෂිත නායකයන් සමග සිටියද, ප්රගතිශීලී රටේ ජනයා ගැන සිතන භික්ෂූන් වහන්සේලා සිටින්නේ ජාතික ජනබලවේගය සමග බව උදිත හිමියෝ පැවසූහ.
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති මාලාව දිනවීම සඳහා ඔහු වෙනුවෙන් පෙනී සිටින බවත්, ජාතික භික්ෂු පෙරමුණ ජාතික ජන බලවේගයේ පාර්ශ්වකරුවෙකු ලෙස කටයුතු කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
නවෝද්‍යා පවනි