ජාතික ධජය අපහාසයට හා අගෞරවයට පත් කිරීමේ චෝදනාවට වරදකරු වූ 74 හැවිරිදි හොංකොං ජාතිකයෙකුට මාස හතරක සිර දඬුවමක් නියම කිරීමට හොංකොං අධිකරණය ඊයේ (28දා) තීන්දු කළේය.
පසුගිය ජූලි මාසයේදී නීතිවිරෝධී උද්ඝෝෂණයක කොටසක් ලෙස උසාවිය ඉදිරියේ ජාතික ධජය උඩු යටිකරු කර, එහි විවිධ සටන් පාඨ ලියා ප්‍රදර්ශනය කරමින් ඔහු සිදුකළ හැසිරීමට මෙම දඬුවම හිමිවී ඇත.
නියෝගය ප්‍රකාශයට පත්කරමින්, මහේස්ත්‍රාත් මැයි චුන්ග් කියා සිටියේ මෙම ක්‍රියාව ජාතික ධජයට කරන නින්දිත අපහාසයක් වන අතර, තවත් පුද්ගලයින් මීට වඩා අපරාධ කිරීමට පෙළඹවිය හැකි ක්‍රියාවක් බවයි.
කෙසේ වෙතත් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වීම හේතුවෙන් ඔහුගේ දඬුවම මාසයකින් කෙටි කිරීමටද මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබුණි.