කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසාලමින් ගෙවතු වගාව ශක්තිමත් කිරීම තුළ ජනතාවට සිය පරිභෝජනය සඳහා පමණක් නොව අතිරික්ත ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ හැකියාවද පැවැති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික ගෙවතු වගා වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. උත්සවය ඊයේ (26දා) මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
ආර්ථිකය පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයවීමෙන් ජාතික ගෙවතු වගා වැඩසටයන ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ ගෙවතු වගාවට අවශ්‍ය පැල, බීජ සහ වෙනත් යෙදවුම් රජය මගින් ලබාදෙයි. විවිධ දේශගුණික කලාපයන්ට සහ පරිසර තත්ත්වයන්ට ගැලපෙන පැල ලබාදීමටද සැලසුම් කර තිබේ. මීට අමතරව සුළු අපනයන බෝග ප්‍රවර්ධනය, බද්ධ පැල ලබා දීම, මී කුඹුක් වැනි පරිසරය ආරක්ෂා වන ආකාරයේ පැල වර්ග ලබාදීමද මෙම වැඩසටහනේ ඉලක්කයකි. දිවයින පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 12,000ක පවුල් ලක්ෂ 24ක් මෙම වැඩසටහන හා සම්බන්ධ කර ගැනීම අපේක්ෂාවයි. පරිභෝජන අවශ්‍යතා සඳහා ගෙවතු වගාව සිදු කිරීමෙන් ඔබ්බට ගොස් ගෙවතු වගාකරුවා ව්‍යවසායකයෙකු බවට පත් කිරීම මෙම වැඩසටහනේ ඉලක්කය බව ෂෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි.