ජාතික ආරක්ෂාවේදී සහ කලාපීය ආරක්ෂාවේදී අපගේ ත්‍රිවිධ හමුදාව ප්රමුඛ පොලීසිය සහ බුද්ධි අංශ සිදුකරනු ලබන කැපවීම අගය කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පැලවත්ත, අකුරේගොඩ ඉදිකෙරුණු නව යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (08දා) පෙරවරුවේ එක්වෙමිනි.
පැලවත්ත, අකුරේගොඩ අක්කර 77ක භූමි භාගයක ඉදිකෙරෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 මාර්තු මස 11 වන දින ය.
මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරීම් ක්‍රියාත්මක ය. අතිනවීනතම තාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විත අතර අති නවීන තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් ද මෙම සංකීර්ණය සන්නද්ධය.
ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කෙරුනු ඇති අතර යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැගිලි සඳහා මාසිකව වැය කෙරෙනු රුපියල් මිලියන 50කට ආසන්න මුදල ඉතිරි කර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබේ.
ජාතික ආරක්ෂාවේ දී මෙන්ම රටේ භෞතික සංවර්ධනයේ දී සහ මහජන සුබසාධන කටයුතුවලදී ද ත්‍රිවිධ හමුදාව ඉටුකරන කාර්යභාරය ගෞරව පූර්වකව ජනතිවරයා සිහිපත් කළේය.
සිය පස් වසරක ධුර කාලය තුළදී ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෙන්ම ජනාධිපතිවරයා ලෙස ක්‍රියාත්මක කළ සියලූ කටයුතු සාර්ථක කර ගැනීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ තමා වෙත ලබාදුන් විශිෂ්ට දායකත්වයට ස්තුතිය පළ කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්රමුඛ ආරක්ෂක අංශ ප්රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.