ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි, තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් එම ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදළ අංශවලට උපදෙස් දෙයි.
යුද්ධය අවසන් වන විට ආරක්ෂක අංශ යටතේ තිබු උතුරේ පුද්ගලික සහ රජයේ ඉඩම් නැවත එහි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට පසුගිය අවුරුදු 05 තුළ රජය විශේෂ කැපවීමකින් කටයුතු කළ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ති‍්‍රවිධ හමුදාව සමඟ එක්ව උතුරේ ඉඩම්වල ප්‍රමාණය නිරික්ෂණය කර ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි නිදහස් කළ හැකි සියලූ ඉඩම් කඩිනමින් හඳුනා ගැනීමට පියවර ගන්නා ලෙසත්, ඒ පිළිබඳ වාර්තාවක් මෙම ඔක්තෝබර් 01 වනදාට පෙර ආණ්ඩුකාරවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ උතුරේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු පිළිබඳ අද (28) දහවල්ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදිය.
ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා හමුදා කඳවුරු අවශ්‍ය බව සියලූදෙනාම පිළිගතයුතු බවයි. ඒ පිළිබ`ද අත්දැකීමක් පාස්කු ඉරිදා ප්‍රහාරය සමග අත්විදීමට සිදුවූ බව කියාසිටි ජනාධිපතිතුමා ප්‍රදේශයේ සහ ජනතාවගේ ආරක්ෂාවට ආරක්ෂක කඳවුරු පැවතිය යුතු බව ද සඳහන් කළේය.
නිදහස් කළහැකි සියලූ ඉඩම් නිදහස් කර දීමට කඩිනමින් කටයුතු කරන බව පැවසූ ජනාධිපතිතුමා සාකච්ජා මඟින් සියලූ ගැටලූ විසදා ගැනීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.
එමෙන්ම පුද්ගලික ඉඩම් හමුදා කඳවුරු සඳහා අවශ්‍ය නම් එම ඉඩම් සඳහා වන්දි ගෙවීම් කඩිනම් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
කෂිනි හපුආරච්චි