හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස කොළඹ ජාතික අක්ෂි රෝහල මහජනතාවට දන්වයි.
විශේෂයෙන් වයස අවුරුදු 14ට අඩු දරුවන් අනවශ්‍ය ලෙස රෝහල් වෙත රැගෙන ඒමෙන් වැළකින ලෙසද මහජනතාවගෙන් රෝහල් බලධාරීන් ඉල්ලයි.
එලෙස අත්‍යාවශ්‍ය ප්‍රතිකාර සඳහා අක්ෂි රෝහලට පැමිණෙන සියලුදෙනා කොරෝනා වෛරස ව්‍යප්තියේ අවදානම පාලනය කිරීම සඳහා දෑත් සේදීම, සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණයක් පැළඳීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම වැදගත් බව කොළඹ ජාතික අක්ෂි රෝහල පවසයි.