ජංගම දුරකථන සබඳතා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට යෝජනා
ජංගම දුරකථනවල ඇමතුම් සම්බන්ධතාව හා දත්ත හුවමාරු කිරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ කොළඹ හා උපනාගරික ප්රදේශයන්හි ක්රමෝපායිකව වැදගත් වන ස්ථානයන්හි වහල මත ඇන්ටනා ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම කාර්යක්ෂමතාව අඩුවීමට ප්රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ කොළඹ නගරය හා අනෙකුත් ප්ර‘දේශවල ජංගම දුරකථනවලට සේවා සපයන ඇන්ටනා ආවරණය අඩුවීම නිසා බවත් ඒ අනුව සිය පාරිභෝගිකයින්ට වඩා හොඳ සේවාවක් ලබාදීමේ අභියෝගයට ජංගම දුරකථන මෙහෙයුම්කරුවන් මුහුණපා සිටින බව අනාවරණයවීමෙන් පසු ඒ සඳහා පිළියම් වශයෙන් රජය මෙම තීරණයට එළඹ ඇත.

-
lakmal Wednesday, 24 October 2018 01:42 PM
බොහොම අගෙයි ජනතාවට මේ වැඩ පිලිවෙල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
