එක්සත් ජනපදයේ තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් ඊයේ (21දා) පස්වරුවේ සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර ඩෙලවෙයාර් හි නෙවාක්හිදී සිය කොවිඩ් -19 එන්නත ලබා ගත්තේය.
එම අවස්ථාවේදී බයිඩන්ගේ බිරිඳ ජිල් ඔහු අසලින් සිටියාය.
තේරීපත් වූ ජනාධිපතිවරයා විසින් ක්‍රිස්ටියානා රෝහලේදී එන්නත ලබා ගත් අතර, එය පරිපාලනය කරනු ලැබුවේ ප්‍රධාන හෙද නිලධාරිනියක වන ටේබ් මාස් විසිනි.
එන්නත ලබාදීමට පෙර තුනට ගණන් කරන්න අවශ්‍ය දැයි ටෙබ් මාස්, තේරීපත් වූ ජනාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, "නැහැ අවශ්‍ය නැහැ, ඔබ සූදානම් ඕනෑම වේලාවක එන්නත විදින්න." යනුවෙනි.
"මට කියන්නට අවශ්‍ය වන්නේ අපි මේ පිරිසට ණය ගැතියි." එන්නත ලබාගැනීමෙන් පසු බයිඩන් පැවසීය. "විද්‍යාඥයන් සහ මේ කර්තව්‍යය එක්කිරීමට කටයුතු කළ පුද්ගලයන්, ඉදිරිපෙළ සේවකයන්, ඇත්ත වශයෙන්ම සායනික කටයුතු කළ අය, ඒ සියලු දේ පුදුම සහගතයි. මට ඔබව (ප්‍රේක්ෂකයන්) මුළු රෝහල පුරාම රැගෙන යාමට කාලය තිබුණා නම් ඔවුන් කොතරම් කාර්යබහුලද කියා ඔබටම දැකගැනීමට පුළුවන්. ඔබ සියලු දෙනා කරන්නේ ඇදහිය නොහැකි කාර්යභාරයක්. අපි ඔබට විශාල වශයෙන් ණය ගැතියි."