නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඡන්ද විමසීම පැවැති දිනය දක්වාත්, ඉන්පසුව ගෙවී ගිය කාලයත් ඉතාමත් සාමකාමී බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
සමස්ත කාලය තුලදී පැමිණිලි එකසිය විසි අටක් (128) හා සිද්ධීන් එකසිය හැට නවයක් (169) වාර්තා වී තිබෙන බවත්, පැමිණීම්වලට හා පොලිසියට වාර්තා වූ සිද්ධීන්වලට අනුව පුද්ගලයින් එකසිය හතලිස් එකක් (141) අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
