ඡන්ද ගණන් කිරිම අවස්ථාවේ දී පිළිගත් දේශපාලන පක්ෂ වල හා ස්වාධින කණ්ඩායම්වලට නිරික්ෂණය කිරිමේ අවස්ථාව ලබාදී තිබෙන බවත්,එම නියෝජිතයින්ට කල් වේලාව ඇතිව එම ස්ථානවල පැමිණිය යුතු බව තේරිම්භාර නිලධාරී, කොළඔ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මහතා පවසයි.
එසේ වුවද ඉන් පරිබාහිර පුද්ගලයින් එම ස්ථානවලින් බැහැර රැදි සිටිය යුතුය. විශේෂයෙන් කොයිඩ් -19 තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා නිවසේ රැදි සිටිමින් එම තොරතුරු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ලබා ගන්නා ලෙසත් අදාළ අනුමැතිය තිබෙන අය පමණක් රැදී සිටින ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරයා සියලු ම දෙනාගෙන් ඉල්ලීමක් කරයි.
