මෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිමට ලබාදෙන කාලය දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව පෙ.ව. 7.00 සිට පස්වරු 5.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන්ට අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
සාමාන්‍යයෙන් මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබාදෙන්නේ පෙ.ව. 7.00 සිට පස්වරු 4.00 දක්වායි.
මේ සඳහා වන ගැසට් නිවේදනය අද (29දා) රාත්රියේදී නිකුත් කිරීමට නියමිතව තිබේ.
මෙවර අපේක්ෂකයන් 35ක් ජනපතිවරණයට ඉදිරිපත්ව ඇති හෙයින් ඡන්ද පත්‍රිකාව දීර්ඝ වී ඇති අතර ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් යම් කාලයක් ගත වෙනු ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කිරීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.