ඇරිසෝනා ප්‍රාන්තයේ මාරිකෝපා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ඉදිරිපිට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ආයුධ සන්නද්ධව රැස්ව සිටින බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත් පිටත වර්ධනය වන උද්ඝෝෂන හා නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල වාර්තා ලබාදීම දිගටම සිදුකරන බවද එම වාර්තා සඳහන් කරයි.
මාරිකෝපා මැතිවරණ කාර්යාලය නිවේදනය කළේ, "මරිකෝපා කාර්ය මණ්ඩලය සිය රාජකාරිය දිගටම කරගෙන යනවා. එය රටේ දෙවැනි විශාලතම ඡන්ද බල ප්‍රදේශය තුළ මැතිවරණ පරිපාලනය කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යනවා." යනුවෙනි.
"සැලසුම් කළ පරිදි අද රාත්‍රියේ අප නැවතත් ප්‍රතිඵල නිකුත් කරනවා. අපට ආරක්ෂාව සපයන මාරිකෝපා ෂෙරීෆ්ගේ කාර්යාලයට අප ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා අපට නිල මැතිවරණ කටයුතු සිදුකරගෙන යා හැකියි." යනුවෙන් මාරිකෝපා මැතිවරණ කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කරටකර තරගයේ ජයග්‍රහණය ජෝ බයිඩන් වෙත විතැන් වෙමින් ඇති පරිසරයක ප්රජාතන්ත්ර විරොධී අයුරින් ජනපති ට්‍රම්ප් බලය අල්ලා ගැනීමට උත්සාහ කරන බවට විදෙස් වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත් තවමත් මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය ගැන අනැවැකි පළකළ නොහැකි බවද විචාරකයෝ පවසති. ලෝකයටම ප්රජාතන්ත්රවාදී පාඩම් උගන්වන රටේ ප්රජාතන්ත්රවාදය අන්තිම අඩියට වැටී ඇති බව මෙම මැතිවරණය ප්‍රකට කරන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.