දැනට පවතින කාලසටහනට අමතරව ජනපතිවරණයේ ඡන්දය ප්රකාශ කිරීම වෙනුවෙන් ගම් බිම් බලා පිටත්ව යෑමට නියමිත ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු කර තිබේ.
ඒ අනුව මෙම විශේෂ බස් රථ සේවාව අද දිනයේ සිට ක්රියාත්මක කිරීමට නියමිතය. එසේම ඡන්දය ප්රකාශ කිරීමට ගොස් නැවත සේවා ස්ථාන වෙත පැමිණෙන ජනතාව වෙනුවෙන්ද නොවැම්බර් 18 දා විශේෂ බස් රථ සේවාවක් ක්රියාත්මක කිරීමට නියමිතය.