චීනෙන් දුන් මුදල් ගැන සොයන්නත් ජනාධිපති කොමිසමක් ඕනෑ - මරික්කාර්
මහ බැංකු බැඳුම්කරය මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳ විමර්ශනය සඳහා ජනාධිපති කොමිසම් පත් කළා සේ චීන සමාගමේ ඩොලර් මිලියන 7.6 පිළිබඳ විමර්ශනය කිරීමටද ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
හිට්ලර් රැගෙන ඒමට උත්සාහ දරන්නන් විසින් ජාතික ආරක්ෂාව පිළිබඳ බිල්ලන් මවනු විනා ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු තර්ජනයක් නොමැති බවට එහිදී අවධාරණය කළ මන්ත්‍රීවරයා, විජයකලා මහේෂ්වරන් මහත්මිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු තර තිබේනම් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් රැගෙන ඇගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු වන බව නොබියව ප්‍රකාශ කරන බවද කීය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දකුණේ නායකයන් විසින් සැමදා උතුරේ ජනතාව ඇන්දවූ බවත්, එසේම, කරපිංචා කොළයක් නොවී උතුරේ දේශපාලන නායකයන්ද තම ගනුදෙනු බේරාගැනීමට කටයුතු කළ යුතු වන බවත්ය.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සිය අදහස් දක්වා සිටි එස්.එම්.මරික්කාර් මහතා,
“අපේ ආණ්ඩුව යටතේ පමණයි මන්ත්‍රීවරුන්ට මෙහෙම කොන්ද පණ තියන් කතා කරන්න පුළුවන්. දැන් සමහර විපක්ෂයේ කට්ටිය බාල චූන් එකක් ගන්නවා. ඒගොල්ලො කල්පනා කරනවා දැන් මෙන්න හොඳම අවස්ථාව කියලා ජෝගි නටන්න හදනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා ඝාතනය කරපු කරුණා අම්මාන්ව ගෙනල්ලා පක්ෂයේ උපසභාපතිකම දීලා ඇමතිකම් දෙනකොට පූස් පැටව් වගේ බලන් හිටියේ.
පිල්ලෙයාන්ව ගෙනල්ලා නැගෙනහිර පළාතේ මහ ඇමතිකම දෙනකොට පූස් පැටව් වගේ බලාගෙන හිටියේ. නමුත් රටට ද්‍රෝහිවන ඕනෑම දෙයකට විරුද්ධ වීමේ අයිතිය අපේ ආණ්ඩුව යටතේ තියෙනවා. ඒ නිසා ඩොලර් මිලියන 7.6ක ප්රශ්නය මේ ප්‍රශ්නයෙන් යට ගහන්න බෑ. අපි ඒක යට යන්න දෙන්නෙත් නෑ.
ද්‍රවිඩ ජනතාවට දැඩි ලෙස සාධාරණය ඉෂ්ට විය යුතුයි කියලා අපි දැඩි ලෙස විශ්වාස කරනවා. නමුත් ප්‍රශ්නවලට විසඳුම් හොයන ක්‍රමය නැවත ආයුධ අතට අරන් මිනීමරු කල්ලි ගේන්න ඕනෑ කියන එක නොවෙයි. මුළු රටේම තියෙන ප්‍රශ්න අමතක කරලා උතුරට විතරක් සංවර්ධනයයි, රැකියායි ගිහින් දෙන්න බෑ.
උතුරේ ඡන්දවලින් විතරද ආණ්ඩුව ආවේ? මං මාසෙකට යනවා මහාභාණ්ඩාගාරයට අඩු ගාණේ පහළොස් වතාවක් විතර. සමහර වෙලාවට අපි වැඩ කරන්නේ ආයතනයේ ඉන්න ක්ලාක් ගාවට ගිහින්. මමත් මන්ත්‍රී, මමත් දිනුවා කියලා හිටියනම් මටත් ඔය කොළොන්නාවේ කරන වැඩ ටික කරන්න වෙන්නේ නෑ. දේශපාලනයේදී කලකිරීම් දරාගන්න හැකි වෙන්න ඕනේ. හොඳට ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ* යනුවෙන්ද පැවසීය.

popular news
-
liyanage Friday, 06 July 2018 01:02 PM
අනිත් දේවල් හොයන්නේ නැතිව ඔබලාගේ වැඩ පෙන්නන්න.
Reply : 0 1
Champa Friday, 06 July 2018 05:39 PM
ඔබ කරුණ සහ පිල්ලයාන් ගැන කියනකතාව සම්පූරණයෙන් හෙලාදකිනවා. කාලයක් ප්රභාකරන්ගේ පෞද්ගලික ආරක්ෂකයා වගේම නැගෙනහිරපළාතේ කොටිනායකයා වෙලා හිටපු කරුණාට LTTEඑක අතෑරලා ආයුධ බිමතියල ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එන්නතරම් විශ්වාසයක් ඇතිකරන්න පුළුවන් වෙච්ච එකම සිංහල නායකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විතරයි. ආයුධ අතෑරලා ආපු දරුණු ත්රස්තවාදියෙක්ට නැවත ආයුධ අතටගන්න එක වලක්වන්න සහ අනිකුත් ත්රස්තවාදීන්ටත් එහෙම කරන්න දිරිගැන්වීමක් විදියට තමයි එතුමා කරුණට පක්ෂයේ තනතුරක් දීල ඇමතිකමක් දුන්නේ. කරුණට විතරක් නෙමෙයි එතුමා ප්‍රභාකරන්ටත් කිව්වා ප්රජාතන්ත්රවාදයට ගරුකරලා ආයුධ අතාරින්න කියලා. හිටපු ජනාධිපතිතුමා එහෙමකලේ යුද්ධය නිසා දෙපැත්තේම හමුදාව සහ සාමාන්‍ය ජනතාවගේ ජීවිත නැතිවනඑක නවත්තන්න. මේක සිංහලනායකයන්ට අමුතුදෙයක් නෙමෙයි. අපේ ඉතිහාසය පුරාම රජවරු,යුවරජවරු ද්වන්ධයුද්ධ වලටගිහින් තියෙනවා මිනිස්සු මැරෙනඑක නවත්තන්න. හොඳම උදාහරනේ දුටුගැමුණු එළාර ද්වන්ධ යුද්ධය. ඒකම තමයි හිටපු ජනාධිපතිතුමා වෙනස් විදියකට කලේ. එහෙම නොකලනම් කරුණ සහ පිල්ලෙයාන් අතින් තව මොනතරම් අහිංසක මිනිස්සු, හාමුදුරුවරු මැරෙන්න තිබුනද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
