දෙදින නිල සංචාරයක් සදහා චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා අද (08දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු සමග දූත පිරිස ලෙස 18 දෙනෙකු ද එම ගුවන් යානයෙන් පැමිණ තිබුණි .
ඔවුන් චීනයේ බෙයිජිං නුවර සිට චීනයට අයත් බී.- 8415 දරන විශේෂ ගුවන් යානයෙන් රාත්‍රී 08.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම පිරිස පිළිගැනීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍යය අමාත්‍ය ඩී.වී.චානක යන මහත්වරු පැමිණ සිටියහ .
චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු දුත පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කර 01/09 දින දහවල් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව යාමට නියමිතය.