ශ්රී ලංකාවේ නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්රී ලංකාවේ චීන තානාපති අතර හමුවක් අද (21දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වීය.
තානාපතිවරයා විසින් මෙහිදී ශ්රී ලංකාවේ නව ජනපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට චීන ජනපති ෂී ජින්පින් මහතාගේ සුබ පැතුම් පණිවිඩය භාර දීමට කටයුතු කර තිබේ.
එසේම නව ජනපතිවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් ශ්රී ලංකාවේ ජනතාව වෙත චීන ජනපතිවරයාගේ සුබ පැතුම්ද මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිනැමීය.
මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ චීන තානාපතිවරයා අමතරව තානපති කාර්යාලයේ ඉහළ නිළධාරීන් කිහිප දෙනෙක්ද එක්විය.

