චිනයෙන් ආනයනය කරන ලද තවත් එස් 14 වර්ගයේ දුම්රියක් පරික්ෂණ චාරිකාවක
චිනයෙන් මෙරටට ආනයනය කරන ලද තවත් එස් 14 වර්ගයේ බලවේග කට්ටල සහ මැදිරි සහිත දුම්රියක් පරික්ෂණ චාරිකාවක් සදහා අද (09) දින කොළඹ කොටුවේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කල බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආන්නද කරුණාරත්න මහතා පැවසිය.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනයට එක් කිරිම සදහා එස් 14 වර්ගයේ දුම්රිය පරික්ෂණ චාරිකාවක් සදහා අද (09) දින ධාවනයට එක් කල බවත් , මේ වන විට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කරන එස් 12 වර්ගයේ දුම්රියන් වෙනුවට එස් 14 වර්ගයේ දුම්රියන් 4ක් ධාවනයට එක් කර ඇති බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා පැවසිය.
අද දින පරික්ෂණ චාරිකාව සදහා එක්කල එස් 14 වර්ගයේ දුම්රියද ඉදිරි දින වලදි කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනයට එක් කරවන බවත්, මෙවැනිම එස් 14 වර්ගයේ බලවේග කට්ටල සහිත දුම්රියන් පහක් මෙරටට ආනයනය කර ඇති බවයි දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා කියාසිටියේ.
මෙම පරික්ෂණ චාරිකාවට චින ජාතික ඉංජිනේරුවන් පිරිසක් සහ මෙරට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් කිහිප දෙනෙක්ද එක්වි සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

