චීලී රාජ්‍යයේ, දකුණු ෂෙට්ලන්ඩ් දූපත් ආසන්න මුහුදේ රික්ටර් පරිමාණ 7.0ක විශාලත්වයකින් යුත් භූ කම්පනයක් ග්‍රිනීච් වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
භූමිකම්පාවෙන් පසු චිලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, චිලී අගනුවර වන සන්තියාගෝ නුවරටද දැඩි කම්පනයක් දැනී තිබුණි.
සාගර පතුලේ කිලෝ මීටර 7.8ක ගැඹුරකින් යුතු භූ කම්පනයේ අපිකේන්ද්‍රය සටහන් වී ඇති අතර, දකුණු ෂෙට්ලන්ඩ් දූපතට භූ කම්පනයේ ප්‍රබලත්වය ඉතා හොඳින් දැනී තිබුණි. භූ කම්පනය නිසා හෝ සුනාමි තත්ත්වයක් නිසා සිදුව ඇති ජීවිත හෝ දේපළ හානි ගැන මෙතෙක් වාර්තා නොවෙයි.