චිලියේ එක් දිනක් තුළ නව කොරෝනා වෛරස ආසාදිතයන් 3,536ක් වාර්තා කර ඇති අතර, මේ වනවිට එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 65,393ක් බව චිලියේ සෞඛ්‍ය අමාත්‍යංශය හා ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය තහවුරු කරයි.
එසේම එරටින් ඊයේ දිනයේදී නව මරණ 40ක් වාර්තා වී ඇති අතර, මේ වනවිට චිලියේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 673ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බ්‍රසීලය සහ පේරුවලින් පසුව, ලතින් ඇමරිකාවේ වැඩිම තහවුරු වූ ආසාදිතයන් වාර්තා වන රට චිලී දේශයයි.