චීනයේ බීජිං හි ජෛව ඖෂධ සමාගමක් වන සීනොවැක් විසින් සංවර්ධනය කරන ලද නව කොරෝනා වෛරස රෝගයට එරෙහි එන්නතක් වන කොරෝනාවැක් හදිසි භාවිතය සඳහා චිලී මහජන සෞඛ්‍ය ආයතනය අනුමත කර තිබේ.
චිලී මහජන සෞඛ්‍ය ආයතනයෙහි වැඩබලන අධ්යක්ෂ හෙරිබර්ටෝ ගාර්ෂියා පැවසුවේ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ මෙම එන්නත නිපදවීමේදී ඇතිවන වික්‍රියා පිළිබඳව ලබාගත් හොඳ ප්‍රතිඵල පදනම් කරගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.
"මෙම එන්නත නිෂ්පාදනය කිරීමේදී නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ වර්ධනය වන වික්‍රියා පිළිබඳව අපි ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගත්තා. ජනගහනය සඳහා ආරක්ෂිත හා ඵලදායී එන්නතක් ලෙස අප මේ එන්නත අනුමත කරනවා" යැයි ගාර්ෂියා උපුටා දක්වමින් ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේය.
එමෙන්ම මෙම එන්නත ඵලදායී ලෙස රෝහල් ගතවීම සහ රෝගයේ බරපතලකම වළක්වන බවද ඔහු සඳහන් කර තිබේ.
චිලියේ COVID-19 ආසාදිතයන් 685,107ක් වාර්තා වී ඇති අතර, මේ වන විට මරණ 17,702ක් වාර්තා වී තිබේ.
එමෙන්ම චිලිය තුළ මේ වනවිට සීනොවැක් එන්නතෙහි තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් සිදුකරන අතර මාත්‍රාව මිලියන 60 ක් ඇණවුම් කර ඇතැයි වාර්තා වේ. චීනයේ සීනොවැක් එන්නත දැනටමත් බ්‍රසීලය, තුර්කිය සහ ඉන්දුනීසියාව යන රටවලද අනුමත කර ඇත.