චිලී රාජයේ බලශක්ති අමාත්‍ය ජුවාන් කාලෝස් ජොබෙට් සහ මහජන කටයුතු අමාත්‍ය ඇල්ෆ්‍රෙඩෝ මොරෙනෝ නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ බව එරට රජය තහවුරු කරයි.
මෙම කැබිනට් අමාත්‍යවරු දෙදෙනාම පසුගිය සතිය අවසානයේදී වෛරසයේ මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසුව නිරෝධානයට යොමුකර සිටියදී මෙසේ පරීක්ෂණයේදී ධනාත්මක බව ප්‍රකට කර ඇත.
"බලශක්ති අමාත්‍ය ජොබෙට් ජනාධිපති සෙබස්තියන් පිනෙරා සමග හෝ කැබිනට් මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් සමග අවසන් දිනවල කිසිදු සෘජු සම්බන්ධතාවක් පවත්වා නැහැ" යනුවෙන් බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.
පොදු කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, "ඇමති ඇල්ෆ්‍රෙඩෝ මොරෙනෝ ජනාධිපති සෙබස්තියන් පිනෙරා හෝ කැබිනට් මණ්ඩලයේ වෙනත් කිසිදු සාමාජිකයෙකු සමඟ අවසන් දිනවල කිසිදු සමීප සම්බන්ධතාවක් පවත්වා නැති බව අවධාරණය කිරීම වැදගත්." යනුවෙනි.
අමාත්‍යාංශ විසින් කවරක් ප්‍රකාශ කළද මේ සමග එරට කැබිනට් මණ්ඩලය යම් තැතිගැන්මකට ලක්ව ඇති බව චිලී රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
එරට සෞඛ්‍ය අමාත්‍යංශයට සහ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව චිලියෙන් නව කොරෝනා වෛරස ආසාදිතයන් 3,964ක් සහ මරණ 45ක් ගෙවීගිය දිනයේ වාර්තා වූ අතර, මේ වනවිට රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 77,961ක් සහ මරණ 806කි. වෛරසය ආසාදිතයන්ගෙන් 30,915ක් සම්පූර්ණ සුවය ලබා ඇති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.