කොවිඩ්-19 වසංගතයෙන් මියගිය අයට සිය ශෝකය පළ කරන අතර, චීනය ඉදිරි වසර දෙකකට වැඩි කාලයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඇ.ඩො.බිලියන 2ක අරමුදල් සපයන බවද චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භයේදී අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ ආරාධනයෙනි. එය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුවිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෂී ජින්පිං කියා සිටියේ, චීනය විවෘත හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ බවත්, කලෝචිත ආකාරයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවට තොරතුරු ලබාදුන් බවත්ය.
ලෝක සෞඛ්‍ය සමුළුව අද (18දා) සහ හෙට (19දා) පැවැත්වෙයි.