චීනය සිය කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් මිලියන 31.23කට වැඩි පිරිසක් වෙත බදාදා දිනය වනවිට ලබාදී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මයි ෆෙන්ග් ඊයේ (04දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
චීනයේ සියලු පළාත්වල දෛනිකව තහවුරු කරන ලද රෝගීන් හෝ රෝග ලක්ෂණ නොමැති රෝගීන් සංඛ්‍යාව 10කට වඩා අඩු වීමත් සමග වසංගත වැළැක්වීමේ හා පාලනය කිරීමේ ජාතික තත්ත්වය මේ සතියේ අඛණ්ඩව වැඩිදියුණු වි ඇති බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් චීනයේ තවමත් කොවිඩ්-19 මධ්‍යම හා අධි අවදානම් සහිත ප්‍රදේශ පවතින බවද සඳහන් කළ ෆෙන්ග්, වැළැක්වීමේ සහ පාලනය කිරීමේ කටයුතු ලිහිල් නොකළ යුතු බවද අවධාරණය කළේය.
පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව පෙබරවාරිෙ 01දා වනවිට චීනයේ දෛනික පරීක්ෂණ ධාරිතාව 11 ගුණයකින් වැඩි වී ඇති අතර, එය දිනකට මිලියන 1.26 සිට මිලියන 16ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසමේ නිලධාරියෙකු වන ගුඕ යාන්හොං මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.