චීනය වෙත පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා සෞඛ්‍ය පරීක්ෂාවන් පිළිබඳ රෙගුලාසි දැඩි කිරීමට චීනය තීරණය කර ඇති බව ජාතික දෙපාර්තමේන්තු පහක් විසින් නිකුත් කරනලද ඒකාබද්ධ නිවේදනයක දැක්වේ.
චීනයේ ශ්‍රේෂ්ඨාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රසම්පාදන කාර්යාලය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ රේගුව ආදී වශයෙන් දෙපාර්තමේන්තු පහක් විසින් නිකුත් කරන ලදී.
ඒ අනුව පැමිණෙන සියලු දෙනා දින 14ක නිරෝධායන ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කිරීම හෝ එම දේශසීමා සෞඛ්‍යයට සහ නිරෝධායනයට බාධා කිරීම හෝ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු සැඟවීම හෝ ව්‍යාජ ලෙස සකස් කිරීම ඇතුළුව රෙගුලාසි සමග සහයෝගයෙන් කටයුතු නොකරන පුද්ගලයන් දඬුවමට යටත් වන බවද චීනය කියයි.
චීනයේ පළත් අටක් වෙත විදේශයන්ගෙන් පැමිණි කොවිඩ්-19 ආසාදිතයන් 120 දෙනෙකුට වැඩි පිරිසක් හඳුනාගැනීමත් සමග චීනය මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව මෙසේ පැමිණි රෝගීන් සහ ඔවුන් සමග සමීපව ඇසුරු කළ අයගේ සෞඛ්‍ය තත්ත්වය සහ සංචාරක ඉතිහාසය හඳුනා ගැනීමෙන් පසුව මෙම පියවර හඳුන්වා දුන් බව චීන සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් පවසයි.