චීනය ආසියා පැසිෆික් කලාපය පුරා රටවල් 14ක් සමග එක්වී දශකයකට ආසන්න කාලයක් පුරා දිවෙන සුවිසල් නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කර තිබේ.
මෙම කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය චීනය ඇතුළුව රටවල් 15ක් සහ බිලියන 2.2ක ජනතාවක් හෝ ලෝක ජනගහනයෙන් 30%කට ආසන්න සංඛ්‍යාවක් පුරා පැතිරී ඇති බව ගිවිසුම අත්සන් කරන විට ජාතීන් විසින් නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයෙන් දැක්වෙයි.
ඒ අනුව ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතය දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 26ක් වන අතර, 2019 දත්ත මත පදනම්ව ගෝලීය වෙළඳාමෙන් 28%කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් සතුය.
මෙම ගනුදෙනුවට චිනය හැරුණු විට කලාපයේ විශාලතම ආර්ථිකයන් වන ජපානය සහ දකුණු කොරියාවද ඇතුළත් වේ. එමෙන්ම අග්නිදිග ආසියාවේ ඉන්දුනීසියාව, තායිලන්තය සහ වියට්නාමය මෙන්ම නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාවද එහි හවුල්කරුවන් වීම සුවිශේෂී තත්ත්වයකි.
ලෝකයේ විශාලතම නිදහස් වෙළෙඳ කලාපයක් නිර්මාණය කිරීමේ මාර්ගයක් ලෙස මෙම වෙළෙඳ ගිවිසුම ප්‍රථම වරට 2012 දී යෝජනා කරන ලද්දකි.
මෙම ගිවිසුමට අත්සන් තැබූ රටවල් 10ක කණ්ඩායමක් වන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සාමාජිකයන් කියා සිටියේ කලාපයේ වෙළෙඳාම් කරන භාණ්ඩවලින් 65%ක් සඳහා තීරුබදු සහ කෝටා මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමත් සමග ඉවත් කෙරෙන බවය.