චීනය තුළ සංවර්ධනය කෙරුණු කොවිඩ්-19 එන්නත එරට ජනතාවට නොමිලේ ලබාදීමට ක්රියාකරන බව චීනය අවධාරණය කරයි.
2020 වසර අවසාන කරමින් චීනය වැඩිදුරටත් කියා තිබුණේ මෙම එන්නත සඳහා දැනටමත් කොන්දේසි සහිත අලෙවිකරණ අවසරයක්ද ලබාදී ඇති බවය.
කොවිඩ්-19 වසංගතයෙන් පීඩා විඳින ලෝකයටද මෙය හොඳ අවස්ථාවක් වන අතර, සීනෝෆාම් සමග අනුබද්ධිත චීනයේ ජාතික බයෝටෙක් සමූහයේ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත මේ වනවිටත් තෙවැනි අදියර සායනික පරීක්ෂණවලින් 79.34%ක ඵලදායීබවක් පෙන්වා තිබේ.