චීන එන්නත් නිෂ්පාදක සිනෝවැක් බයෝටෙක් හි කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත සම්බන්ධයෙන් තුර්කියේදී සිදුකළ සායනික පරීක්ෂණවලදී එය 91.25%ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරනබව තුර්කි සෞඛ්‍ය බලධාරියෙකු පවසයි.
තුර්කියේ වෛද්‍ය මණ්ඩලයේ සේවය කරන බෝවන රෝග විශේෂඥ වෛද්‍ය සර්හාත් උනාල් පැවසුවේ සිනොවැක් හි කොරෝනාවැක් එන්නත ආරක්ෂිත බවට වූ සොයා ගැනීම පදනම් වී ඇත්තේ රටේ අවසාන අදියර සායනික අත්හදා බැලීම්වල මුල් ප්‍රතිඵල මත බවය.
තුර්කියේදී චීනයේ සිනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොරෝනාවැක් එන්නත සම්බන්ධයෙන් මෙවැනි ඇගයීමක් ලැබෙන්නේ, බ්‍රසීලයේ අත්හදා බැලීම් අධීක්ෂණය කරන බුටැන්ටන් ආයතනය පසුගිය බදාදා එය ඵලදායී බවටත්, පරීක්ෂාවට ලක් කෙරෙන සියලු දෙනාම ආරක්ෂිත බවටත් ප්‍රකාශ කිරීමෙන් පසුවය.