චීන ඖෂධ නිෂ්පාදක සීනොවැක් බයෝටෙක් විසින් සංවර්ධනය කරන ලද කොරොනාවැක් සහ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් හදිසි භාවිතය සඳහා බ්‍රසීලයේ ජාතික සෞඛ්‍ය නිරීක්ෂණ ඒජන්සිය විසින් අනුමත කර තිබේ.
බ්‍රසීලය විසින් වෛරසය පැතිරීම නැවැත්වීමට දරන උත්සාහයන් ශක්තිමත් කිරීමට මෙම අනුමැතිය ලැබී තිබේ.
බ්‍රසීලයේ මේ වනවිට කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 8,488,099ක් වාර්තා වන අතර, එය ගෝලීය වශයෙන් තුන්වැනි ස්ථානයට පත්ව තිබේ. එය පසුපසින් සිටින්නේ එක්සත් ජනපදය සහ ඉන්දියාව විසින් වාර්තා කර ඇති ආසාදනවලට පමණි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, වෛරස් ආශ්රිත මරණ 209,847ක් බ්‍රසීලයෙන් වාර්තා වී ඇති අතර, එක්සත් ජනපදයේ 397,401ක් වන මරණවලට පමණක් දෙවැනි වෙයි.