චීනයේ එන්නත් නිෂ්පාදකයෙකු වන සිනොවැක් බයෝටෙක් සමාගම විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව නිපදවා ඇති කොරෝනාවැක් එන්නත බ්‍රසීලයේ තෙවැනි හා අවසාන සායනික පරීක්ෂණයේදී ඵලදායී බව පෙන්වා ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කරයි.
මෙම කොරෝනාවැක් එන්නතෙහි අවසාන අදියර සායනික පරීක්ෂණ සංවිධානය කරන සාඕ පවුලෝ ප්‍රාන්තයේ බුටැන්ටන් ආයතනය මෙම අනාවරණය සිදුකර ඇත.
කොරෝනාවැක් හි අවසාන අදියර සායනික පරීක්ෂණ අවසන් කළ පළමු රට බ්‍රසීලය වන අතර, එය ඉන්දුනීසියාවේ සහ තුර්කියේද අත්හදා බලමින් සිටින බව ජර්නලය වාර්තා කරයි. ඒ අනුව මෙම රටවල් දෙකෙහි ප්‍රතිඵලද ලැබුණු පසුව සමස්ත ප්‍රතිඵලය නොබෝ දිනකින්ම නිකුත් කරනු ඇති බව කියැවෙයි.
සිනොවැක් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් අපේක්ෂකයන්ගේ එන්නත් පෙබරවාරි මැද භාගය වනවිට බ්‍රසීලයේ භාවිතයට සූදානම් බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය සතියේ පැවසීය.