චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත ටියුනීසියාවේ අලෙවිකරණය සඳහා නිල වශයෙන් අනුමත කර ඇති බව ටියුනීසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (04දා) නිවේදනය කළේය.
එරට ඖෂධ පාලනය සඳහා වූ ජාතික රසායනාගාරය සහ ඖෂධවේදය පිළිබඳ ජාතික මධ්‍යස්ථානය විසින් චීන රසායනාගාරය විසින් ඉදිරිපත් කරන ලද ලිපිගොනුව තක්සේරු කිරීමෙන් අනතුරුව මෙම ප්‍රවර්ධන බලපත්‍රය ලබාදී ඇත්තේ ටියුනීසියාවේ වෛරස් විද්‍යාව, විෂ විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍යාව සහ බෝවන රෝග යන ක්ෂේත්රවල ප්රවීණයන්ගේ දායකත්වයෙන් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම විධිවිධානය මගින් එන්නත ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට ඉඩ සැලසෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.