ශ්‍රී ලංකවේ කොරෝනා වසංගතය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට ගෙනයන වැඩපිළිවෙලට සහාය දක්වමින් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයේ සිවුවැනි කොටස රැගත් චීන ගුවන් යානයක් අද රාත්‍රී කටුනායකට ගොඩබැස්සවීය.
චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම වෛද්‍ය සැපඉුම් තොගය කටුනායක ගුවන් තොටුපළට ගෙන ආවේය.
චීනයේ ෂැංහායි නුවර සිට පැමණි මෙ ගුවන් යානය ඊයේ සවස 6.30 ට පමණ කටුනායකට ගොඩබැස්සවීය.
මෙම වෛද්‍ය ආධාර අතර ආරක්ෂිත මුඛ ආවරණ සහ හදිසි ප්‍රතිකාර සදහා යොදා ගනු ලබන ඖෂධ සහ උපකරණ ඇතුළත් කිලෝ ග්රැම් 9,680 ක් බර , ඇසුරුම් 1006 ක් මෙම ගුවන් යානයෙන් රැගෙන පැමිණ තිබූ බව යූස්ටස් සිල්වා මහතා පැවසීය .
මෙම වෛද්‍ය ආධාර තොගය කටුනායක ගුවන් තොටුපළ ගුවන් බඩු ගම්මානය තුළ ගොඩ බානු ලැබූ අතර , 5/16 දිනයේ මෙම ආධාර තොගය ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට නියමිත බව , චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය;