චීනය ලොව වේගවත්ම කොවිඩ්-19 මර්දන එන්නත්කරණය සිදුකරන රාජ්‍ය ලෙස ඊයේ (28දා) දිනය වනවිට එරට තුළ එන්නත් මාත්‍රා මිලියන 600ක කඩඉම පසුකළ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අද (29දා) නිවේදය කර තිබේ.
ඒ අනුව පසුගිය මැයි
චීනය ලොව වේගවත්ම කොවිඩ්-19 මර්දන එන්නත්කරණය සිදුකරන රාජ්‍ය ලෙස ඊයේ (28දා) දිනය වනවිට එරට තුළ එන්නත් මාත්‍රා මිලියන 600ක කඩඉම පසුකළ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අද (29දා) නිවේදය කර තිබේ.
ඒ අනුව පසුගිය මැයි 24දා එරට තුළ කොවිඩ්-19 එන්නත් මිලියන 500ක් ලබාදීමේ කඩඉම පසු කළ චීනය, එදින සිට දින 5ක් වැනි කෙටි කාලයක් තුළ එන්නත් මිලියන 100ක් ලබාදෙමින් මැයි 28දා එන්නත් මිලියන 600ක කඩඉම ඉතා වේගයෙන් පසුකර ඇත්තේ එන්නත් මාත්‍රා මිලියන 603ක සීමාවට ළඟා වෙමිනි.
බිලියන 1.4ක් වන චීන ජනගහනය සැලකීමේදී මාත්‍රා මිලියන 600ක් ලබාදීම යනු ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසකට අවශ්‍ය ප්රතිශක්තීකරණය දැනටමත් ලබාදීමට සමත් වීමකි.
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමට අනුව එරට ජනතාවගෙන් පළමු වැනි මිලියන 100ට එන්නත ලබාදීමේ කඩඉම මාර්තු මස 27දා පසුකර ඇත. ඉන් පසුව මිලියන 200ක් කරා ළඟ වීමට තවත් දින 26ක් ගත වී ඇත. මිලියන 300ක් කරා ළඟා වීමට ගත වී ඇත්තේ දින 17කි. එමෙන්ම මිලියන 400ක කඩඉම වෙත දින 9කින් ළඟාවීමට චීනයේ සෞඛ්‍ය අංශවලට හැකිවී ඇත්තේ වඩාත් කාර්යක්ෂම සහ විද්‍යානුකූලව එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ නිසාය.
24දා එරට තුළ කොවිඩ්-19 එන්නත් මිලියන 500ක් ලබාදීමේ කඩඉම පසු කළ චීනය, එදින සිට දින 5ක් වැනි කෙටි කාලයක් තුළ එන්නත් මිලියන 100ක් ලබාදෙමින් මැයි 28දා එන්නත් මිලියන 600ක කඩඉම ඉතා වේගයෙන් පසුකර ඇත්තේ එන්නත් මාත්‍රා මිලියන 603ක සීමාවට ළඟා වෙමිනි.